අප ගැන
දැක්ම
යහපාලනය තුළින් සෞභාග්‍යමත් පුරවරයක් ගොඩනැගීම
මෙහෙවර ප්‍රකාශය
භෞතික සම්පත් සංවර්ධනය හා කළමනාකරණය තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමටත් නිරෝගිමත් පරපුරක් බිහිකිරීමට සමාජයට යහපත් පුරවැසියන් තැනීමත් අනාගත පරපුර සඳහා ප්‍රශස්ත පරිසරයක් ගොඩනැගීම තුළින් ප්‍රජාව සංවර්ධනය කරා යොමු කර වීමට සම්පත් උපරිම ඵලදායීතාවයෙන් යොදා ගැනීම අපගේ මෙහෙවරයි.
අපගේ කැපවීම
පුරවැසියන්, සේවාලාභීන් වෙනුවෙන් අප විසින් ඉටු කරනු ලැබිය යුතු සේවාවන් අවංකවද, අප්‍රමාදීවද, අවබෝධයෙන්ද, අපක්ෂපාතීවද, වගකීමෙන්ද, විනිවිදභාවයෙන් යුක්තවද, කාර්යක්ෂමවද, ඵලදායීවද, ඉටු කිරීමට කැප වී සිටින බව මෙම ප්‍රඥප්තියෙන් ප්‍රකාශ කරමු.
අපගේ අපේක්ෂාව
පුරවැසියන්, සේවාලාභීන් ලෙස ඔබ ඔබේ වගකීම් හා අයිතිවාසිකම් මැනවින් අවබෝධ කර ගනු ඇතැයිද, මේවා ලබා ගැනීමට සඳහා කරනු ලබන ඉල්ලීම් නීත්‍යානුකූලවද, අප්‍රමාදවද, අවංකව සහ සත්‍යවාදීවද, අවශ්‍ය තොරතුරු සහිතවද, කරනු ඇතැයි අපේක්ෂා කරමු
අපගේ ප්‍රමිතීන්
පුරවැසියන්, සේවාලාභීන් විසින් කරනු ලබන සියළු ඉල්ලීම් ප්‍රකාශයන්, සන්නිවේදනයන්, ආදියට හැකි සෑම අවස්ථාවකදීම ලැබුනු අවස්ථාවේදීවත් අනිවාර්යයෙන්ම දින 7 ක් ඇතුළත දී පිළිතුරක් දීමට අපි මෙයින් බැඳී සිටිමු. දක්වා ඇති සුදුසුකම් සපුරා ඇතොත් ඔබගේ පහත සඳහන් ඉල්ලීම් එකී කාලය තුළ අපට ඉටු කර දිය හැකිය.