Whatsapp Messages

076 50 67 998

නවතම තොරුතුරු හා සිදුවීම්

සභාපතිතුමාගේ පණිවිඩය ___

සිංහරාජ අඩවියෙන් ලැබෙන සෞන්දර්යාත්මක ආශ්වාදයෙන් පෝෂණයවන මොරවක් කෝරළයේ කේන්ද්‍රස්ථානය වූ පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ ක්‍රියාකාරී සැලසුම්, අරමුණු, ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන්, බල ප්‍රදේශයේ පුරවැසියන් සහ සුභ පතන්නන්, සම්පත්දායකයින් සම්බන්ධ කිරීමට ස්ථාපනය කරන ලද වෙබ් අඩවිය පිළිබඳව සතුටට පත් වෙමි.

ගෝලීයකරණය සමඟ නැගී ආ නව තාක්ෂණ ක්‍රමවේදයන් තුළින් දියුණුවන ශ්‍රි ලංකාවේ රාජ්‍ය පාලන ව්‍යූහයට මේ තුළින් ඉමහත් සේවාවක් හා කාර්යක්ෂම සන්නිවේදනයක් පවත්වා ගැනීමට හැකි යැයි මාගේ විශ්වාසයයි.

ඓතිහාසික පිටබැද්දර ...

පිටබැද්දර ප්‍රදේශය තුළ ගම්මාන 40කට වඩා වැඩි ප්‍රමාණයක ජනාවාස පවතින අතර, වනාන්තර සහ කඳු මුදුන් වලින් යුක්ත මෙම ප්‍රදේශය ස්වාභාවික සෞන්දර්යයෙන් යුක්ත වේ.

පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වර්ග කිලෝමීටර් 150කට ආසන්න භූමි ප්‍රමාණයකින් යුක්තයැයි සැලකේ.