ඓතිහාසික පිටබැද්දර

මාතර දිස්ත්‍රීක්කයේ  දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ සුන්දරත්වයෙන් අනූනවු බටහිර මොරවක් කෝරලේ දකුණු ප්‍රදේශයේ පිහිටා  ඇති  පිටබැද්දර නම් ප්‍රදේශය මනස්කාන්ත පරිසරයක් හිමිය. ගාල්ල දෙනියාය මාර්ගයේ අකුරැස්සට පැමිණ එතැන් සිට කිලෝ මීටර  15 ක් පැමිණි විට පිටබැද්දර නගරය හමුවේ.  පිටබැද්දර  ප්‍රාදේ ශීය ලේකම්  කොට්ඨාශය වර්ග කි මී .  141.6 පමණ විශාලත්වයකින් යුක්තය.

ආරම්භයේදී ග්‍රාම නිළධාරි වසම් 14 කින් යුක්ත වූ අතර පසුව එය 40 දක්වා වැඩි කෙරිණ.දැනට මෙම ග්‍රාම නිළධාරි වසම් 40 සමෘද්ධි කලාප තුනක් ලෙස බෙදා වෙන්කර ඇත.

ජනප්‍රවාද වලට අනුව පිටබැද්දර නගරය පිහිටි ප්‍රදේශය පෙර හදුන්වා ඇත්තේ මුරුක්කන්දොල හේන නමිනි. එකල එම ප්‍රදේශය ජනාවාසව පැවතී නැති අතර එහි පැවතුන ලදු කැලෑවට බැද්ද ලෙස භාවිතා කර පසුකාලීනව පිටබැද්දර ලෙස ව්‍යවහාරයට පත්ව ඇත.

භූවිෂමතාවය අනුව  මෙම කොට්ඨාශය තුල මුහුදු මට්ටමේ සිට අ ඩි 25-1500 දක්වා වන කදු ගැට සහිත භූමියක් දක්නට ඇත. ප්‍රදේශයේ දකුණු කොටසේ සිට උතුරු දිශාව දක්වා ක්‍රමයෙන් උස් වී යන භූමියකින් යුක්ත වේ. කොට්ඨාශය හරහා ගලා බසින ප්‍රධාන ගඟ වන නිල්වලා ගඟට ඌරුබොක්ක ගඟ සහ හුලංදා ඇල කොට්ඨාශ සීමාවේ දීම සම්බන්ධ වේ.මෙම කොට්ඨාශයේ කදු ආශ්‍රිත උස් බිම් වල තේ වගා කර ඇත.එය කොට්ඨාශයේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය වේ.එයට අමතරව කුරුදු වගාවද, වී වගා කරන තැනිතලා ප්‍රදේශද පිහිටා ඇත.ප්‍රදේශයේ දකුණේ සිට උතුරට දිවෙන ගාල්ල දෙනියාය (A-17) ප්‍රධාන මාර්ගය සහ අකුරැස්ස සිට සියඹලාගොඩ හරහා පස්ගොඩ දක්වා දිවෙන මාර්ග ප්‍රධාන මංමාවත් වේ